ආහාර උද්ධමනයෙන් ලංකාව පහළ බසී

ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබේ.

ඒ ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුවය.

උද්ධමනය ඉහළම මට්ටමක පැවැති පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ සහ ලෙබනනයට පමණයි.

මේ වනවිට ලොව වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට ලෙබනනයයි. එහි අගය 139%කි.

සියයට 59ක ආහාර උද්ධමනයක් පවතින ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 10 වන ස්ථානයේ පසුවන බව ලෝක බැංකු දත්ත අනාවරණ කරයි.

Leave a Reply

Your email address will not be published.