පාරිභෝගික අධිකාරියෙන් ගැසට් නිවේදනයක්

සෘජු වෙළදාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, ලිපි ද්‍රව්‍ය, නිමි ඇදුම් ආදිය අලෙවිකරණ සෘජු විකිණුම්කරුවන් මෙලෙස ලියාපදිංචි විය යුතු බවය.

Leave a Reply

Your email address will not be published.