ඉන්දියාවෙන් අද තවත් බිත්තර මිලියනයක්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක තොගයක් අද මෙරටට ලැබීමට නියමිතව තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ එම බිත්තර තොගය මේ වනවිට නැව්ගත කර ඇති අතර අද පස්වරුව වනවිට එය දිවයිනට ලඟාවීමට නියමිත බවය. 

මෙරටට ආනයනය කරන ලද අවසන් බිත්තර තොගය සදහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ අනුමැතිය ලබාදුන්නේය.

මේ වන විට එම බිත්තර බේකරි නිෂ්පාදන ආයතන වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

මේ දක්වා බිත්තර මිලියන 4ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර තවත් බිත්තර මිලියන 5ක් ඇණවුම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published.