පොදු ප්‍රවාහන පහසුකම් ගැන පැහැදිලි කිරීමක්

අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරණු ලබන ප්‍රතිස්ංස්කරණ ඇතුලු සියලු කාරණා සාර්ථකවීමට නම් විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රේසර් මහතා පවසා තිබේ.

වොෂින්ටනයේ පැවැත්වෙන ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම් අතර වාරයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මාර්ටින් රේසර් මහතා අතර හමුවක් සිදුව තිබේ.

මෙම හමුවේදී පුනර්ජනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳව මෙන්ම අපනයන මුල් කරගත් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර පිළිබඳවද සාකච්ඡා කළ බව මාර්ටින් රේසර් මහතා නිකුත් කළ ටිවිටර් පණිවිඩයක දැක්වෙයි.

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටට පත්වන බවත් මෙරට යථාතත්ත්වයට පත්කිරීම සඳහා ලෝක බැංකුව අදහස් සහ මූල්‍ය සහය ලබාදෙන බවත් මාර්ටින් රේසර් මහතා එහිදී පවසා තිබේ .

මෙම හමුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද සහභාගී වී ඇත.

Leave a Reply

Your email address will not be published.