අර්ධ සුඛෝපභෝගී බස් ගැන තීරණයක් ගනී

අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවය.

“අපි ක්‍රියාමාර්ගයක් ගත්තා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අර්ධ සුඛෝපභෝගි සේවාව සාමාන්‍ය සේවාවක් හා සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න. ඒ අනුව සියලුම බස්හිමියන්ව දැනුවත් කරලා තියෙනවා තමන්ගේ බස්රථය සාමාන්‍ය සේවාවක් බවට හෝ සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න කියලා. ඒ සඳහා අපි ගාස්තු අයකිරීමකින් තොරව සිදුකරනවා. මේ වනවිට බස්රථ 430ක් පමණ අර්ධ සුඛෝපභෝගී තියෙනවා. මේ වෙද්දි බස් 20ක් පමණ එවැනි සේවා සංශෝධනවලට ඉල්ලීම් ලැබිලා සිදුකරමින් පවතිනවා. දැනට සේවා සංශෝධනය මැයි මස 31 වනදා දක්වා සිදුකරන ලෙසට බස්හිමියන්ව දැනුවත් කරලා තියෙනවා.”

කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සැකයක් මතුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published.