ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සව සමයේ උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවයක් පොලිස් භූමියක පවත්වන ලදී.
ශ්‍රී ලංකා පොලිසිය සියළුම ආගම්, ජාතීන් සහ සෑම ජන කොටසකටම සමාන ලෙස ගෞරව කරන බව පසක් කරමින් මෙම ඉෆ්තාර් උත්සවය පවත්වනු ලැබුවේ මාලිගාවත්ත පොලිස් භූමියේ දීය.
මාලිගාවත්ත ජුම්මා මස්ජිද් සම්මේලනයේ සහයෝගයෙන් ඊයේ (17) දින සංවිධානය කරනු ලැබූ මෙම අවස්ථාවට සියළුම ආගම් නියෝජනය කරමින් පිරිස් එක් වූහ.