අවුරුදු උත්සවවල ක්‍රීඩා නියාමනයට අවධානය

අවුරුදු උත්සව සඳහා යොදා ගන්නා ක්‍රිඩා ඉසව් ඉදිරියේදී නියාමනය කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විවිධ අවුරුදු උත්සවවල මෙරට සංස්කෘතියට නොගැලපෙන ආකාරයේ ක්‍රිඩා ඉසව් සංවිධානය කිරීම අනුමත නොකරන බවය.

“විවිධ සෙල්ලම්, ජන ක්‍රීඩා ඔය වගේ දේවලුත් කෙරෙනවා. හැබැයි මේ අතරතුර යම් යම් අංග උපාංග තිබෙනවා අපේකමට අපේ සංස්කෘතියට නොගැලපෙන ආකාරයෙන්. අපේ රටේ උරුමයන්ට හා සංස්කෘතියට විරුද්ධව තමා මේවා ක්‍රියාත්මක වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේ දී මේ වගේ ක්‍රීඩා අංග අපේ ඊළඟ පරම්පරාවට ගෙනියනවාට වඩා එතනින්ම නැවතීමේ ලකුණක් තියලා කටයුතු කරනවා නම් වඩා හොඳයි කියලා.” 

“ඒ හින්දා නීතිය මගින් යමක් කරන්නට පෙර ස්වයං වාරණයකට පාලනයකට යටත්වෙලා කටයුතු කරමු කියලා ඉල්ලීම තමා කරන්නේ. අපේ සංස්කෘතියට පටහැනි දේ කරන්න එපා.. හුදු වින්දනය සඳහා. මේවා සමාජ ජාලාවල ප්‍රසිද්ධ වෙනවා. උසුලු විසුලුවට ලක් වෙනවා.. අපේ රට මේ කරන දේ හැටියට මම හිතන්නේ ඒක අපි සියලුදෙනාටම නොගැලපෙන දෙයක්.” 

“ඒ නිසා අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා අර වෙසක් කාලේ ඔළු බක්කො නටන එක තහනම් කළා වගේ යම් යම් ක්‍රීඩා තහනම් කරන්න.”

Leave a Reply

Your email address will not be published.