අමෙරිකාවේදී යානා දෙකක් ගැටෙයි

අමෙරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරුට ලක්ව තිබේ.

ඇලස්කාවේ ගුවන් පුහුණු පථය ආශ්‍රිතව අදාළ පුහුණු සැසිය සිදුකරන අවස්ථාවේ පුහුණු නියමුවන් සමග යානා දෙකක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරට ලක්වූ යානාවේ සිටි නියමුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව එරට ගුවන් හමුදා බලධාරීන් සඳහන් කර තිබේ.

එරට හමුදා ප්‍රකාශක John Pennell ප්‍රකාශ කර ඇත්තේ යානයේ නියමුවන් දෙදෙනා සම්බන්ධයෙන් නිල තොරතුරු ලැබුණු විට මාධ්‍ය වෙත ලබාදීමට පියවර ගන්නා අතර සහ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.