ජීවිත තුනක් බිලිගත් මාරක අනතුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ගල්කිස්ස කැබිලිකොටුවවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.

එසේ මියගොස් ඇත්තේ 64 හැවිරිදි මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

එමෙන්ම කෝපායි පුදර්මඩම් පෙරියම්මා ප්‍රදේශයේදී යතුරුපැදියක්, බස් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී එම බස්රථයේ සහ ඉදිරිපසින් පැමිණි මෝටර් රථයක ද ගැටී සිදුවූ අනතුරකින් පසුපැදිකරු මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ 20 හැවිරිදි අයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම බලන්ගොඩ ප්‍රදේශයේදී ජීප් රථයක් ගැටීමෙන් 50 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

අනතුර සිදුකළ ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published.