ගිනිඅවියකට ත්‍යාගයක්

ගිනි අවි නැවත භාරදීමේදී ත්‍යාගයක් ලබාදීමේ වැඩසටහනකික් නිව්යෝර්ක් නගරයේ ගිනි අවි 3,000ක් පමණ එකතුකර ගැනීමට හැකි වූ බව නිව්යෝර්ක් බලධාරීන් පවසයි.

විදෙස් වාර්තා පැවසුවේ නිව්යෝර්ක් නීතිපති කාර්යාලය සංවිධානය කළ එම වැඩසටහනෙන් ගිනිඅවි 3,076ක් නැවත ලබා ගැනීමට හැකි වූ බවය.

එම වැඩසටහන යටතේ ප්‍රහාරක රයිෆලයකට ඩොලර් 500ක් ද, සාමාන්‍ය රයිෆලයකට ඩොලර් 75ක් ද, පිස්තෝලයකට ඩොලර් 150ක්ද ලබා දීමට කටයුතු කර තිබුණි.

නිව්යෝර්ක් නීතිපති කාර්යාලය සඳහන් කළේ සෑම ගිනිඅවියක්ම ප්‍රහාරයක් සඳහා භාවිත කිරීමේ හැකියාව තිබූ බැවින් මෙම වැඩසටහන ඵලදායක වූ බවය.

Leave a Reply

Your email address will not be published.