කම්කරුවන් වෙනුවෙන් දිනයක් වෙන් කර තිබුණද අද වන විට එය කම්කරුවා වෙනුවෙන් නොමැති බව දඹුල්ල ප්‍රදේශයේ කළ සංචාරයකදී අපට දැක ගත හැකි විය.
දේශපාලකයන් අගනුවර කම්කරු දිනය සමරද්දී නියම කම්කරුවා බඩවියත සොයා ගැනීමට වෙහෙසුනු අයුරු ඡායාරූපයේ දැකවේ.
දිනකට තමන් උපයන මුදල් දුවා දරුවන් පෝෂණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බබ කම්කරුවෝ කියා සිටියහ.
මැයි දින ඉල්ලීම් ජයගැනීම සඳහා අරගල කරනු ලබන්නේ දේශපාලනඥයන්ට හිතවත් අය බවය ඒ සඳහා රැගෙන යන අයට බත් පැකට් එකක් සහ මත් වතුර කාලක ප්‍රමාණයක් ලබා දෙන බවත් එසේ ලබා දී රැගෙන ගොස් දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයන් සඳහා කොඩි ඔසවා කෑ ගසා නැවත පැමිණීමට සිදු වන බවද පෙන්වා දෙන කම්කරුවන් වැඩිදුරටත් කියා සිටියේ එම දිනයේ ද තමන් දරු පවුල වෙනුවෙන් බර උසුලන රැකියාවේ නිරත වන බව ය.