ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති ක්‍රීඩා පනතක් එයි

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නව ක්‍රීඩා පනතක් සකස් කිරීමට අදාල යෝජනා මාසයක් ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීමට ඒ වෙනුවෙන් පත් කළ කැබිනට් අනුකාරක සභාව තීරණය කර ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම අනුකාරක සභාව ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මෙම තීන්දුවට එළැඹ තිබේ.

නව ක්‍රිඩා පනත ඉදිරිපත් කිරීමෙන් පසුව දැනට පවතින 1973 ක්‍රිඩා පනත අහෝසී වීමට නියමිතය.

පවතින ක්‍රිඩා පනතේ ඇත්තේ යල් පැන ගිය නීති රෙගුලාසි බැවින් නවීන තාක්ෂණයට ගැලපෙන ලෙස ක්‍රිඩාව ඉදිරියට ගෙන යාමට අදාලව නව පනතක් සකස් කිරීමට රජය තීන්දු කළේය.

ඒ අනුව නව ක්‍රීඩා පනතක් සකස් කිරීම වෙනුවෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කළ අතර ඔවුන් ඊට අදාළ දළ කෙටුම්පත මාසයක් ඇතුලත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙරට සියලු  ක්‍රීඩා සංගම් ස්ථාපිතව ඇත්තේ මෙම යල් පැන ගිය ක්‍රීඩා පනතේ නීති රෙගුලාසි අනුවය.

එම නිසා මෙම නීති රෙගුලාසි අලුත් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නව ක්‍රීඩා පනතක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.