බුදුපිළිමය හෝදන්න නොදුන්නැයි නායක හිමියන් ගස් බැඳලා

වෙසක් පුන් පොහෝ  අළුයම මැදවච්චිය ප්‍රදේශයේ  විහාරස්ථානයකට මුහුණු ආවරණය කරගෙන කඩා වැදීණු පිරිසක් එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමි නමක බුදු මැදුරේ කොන්ක්‍රීට් කණුවක තබා ගැට ගැසූ බව කියන විහාරස්ථානයේ දායකයන් පස්දෙනෙක් මැදවච්චිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

විහාරස්ථාන භූමියේ වෙසක් සැරසිලි කිරීමට පෙර දිනයේ දායකයන් පිරිසක් පැමිණ ඇත.

මෙසේ පැමිණි පිරිස අතර සිටි කිහිප දෙනකු බුදු මැදුරේ තැන්පත් කර ඇති බුදු පිළිමයක් ඉවතට ගෙන පිරිසිදු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඊට මෙම හිමිනම අකමැත්ත ප්‍රකාශ කිරීම මෙවැන්නක් කිරීමට හේතු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබී පැමිණෙන තෙක් කිසිවකු හිමිනම බැඳ තබා තිබූ ලණුව ඉවත්කර මුදා ගැනීමට ඉදිරිපත් වී නොමැති බවද පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published.