මිහිතලය දැඩි ලෙස උණුසුම් වෙයි ?

ලොව උෂ්ණත්වය විවිධ කරුණු මත ඉහළ යමින් පවතී.

විද්‍යාඥයින් පිරිසක් කර ඇති නවතම ගවේෂණයකින් හෙළිවී ඇත්තේ මිහිතලයේ උණුසුම්වීමේ සීමාව 2027 වනවිට ප්‍රථමවරට සෙල්සියස් අංශක 1.5 ඉක්මවා යා හැකි බවය.

එම සම්භාවිතාවය 66%ක් බව එම විද්‍යාඥයින් පවසා තිබුණි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන විමෝචනයන් සහ මේ වසර අග වනවිට ඇතිවිය හැකි බව පැවසෙන එල් නීනෝ කාලගුණික තත්ත්වයන් ඊට හේතුවිය හැකි බව සඳහන් ය.

එමගින් අදහස් වන්නේ 19 වන සියවසේ දෙවැනි භාගයට වඩා ලෝක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් වැඩිවන බවය.

Leave a Reply

Your email address will not be published.