මාතර වෙහරගම්පිටිය ප්‍රදේශ් සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු 16 හැවිරිදි පාසල් සිසුවෙකුට කඩුවකින් පහර දී අතක් කපා දමා බරපතල තුවාල සිදු කල බව කියන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අද (26) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
එම සිද්ධියෙන් අදාල සිසුවාගේ දකුණු අතේ මැණික් කටුවට ඉහලින් කැපී සම්පූර්ණයෙන්ම වෙන්ව ගොස් තිබු අතර පවුලේ ඥාතීන් කැපී ගිය අතේ කොටස අයිස් වල දමා රෝහල වෙත රැගෙන විත් තිබුණි.
පසුව මූලික ප්‍රථිකාර වලින් පසු පාසල් සිසුවාගේ අත බද්ධ කිරීම සදහා ඉක්මණින් කොලඹ ජාතික රෝහල වෙත මාරු කර යවනු ලැබීය.
සරුංගල් යැවීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇති වු ආරවුලක් පසු මෙම කඩු ප්‍රහාරය එල්ල කර තිබෙන බව කියති.
කෙසේ වෙතත් ඊට සම්බන්ධ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් අද (26) සවස මාතර කොටවිල මහේස්ත්රාංත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී හා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කෝට්ටගේ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.