IPL අවසන් මහා තරගය අද

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද (28) පැවැත්වෙයි.

ඒ, ලොව විශාලතම ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීය.

ඒ සිව්වතාවක් IPL ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් සහ ගියවර අයි පී එල් ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයේදි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ තුන්වන අවසන් පූර්ව තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමිනි.

16 වන වරට පැවත්වෙන මෙවර IPL තරගාවලියේ චෙන්නායි කණ්ඩායම මෙලෙස IPL අවසන් මහා තරගයට එක්වන්නේ 10වන වරටය.

ඔවුන් අවසන් මහ තරගයට පිවිසි අවස්ථා 10න් 4කදීම ශුරතාව දිනා ගැනීමට සමත්ව තිබේ.

චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය විදෙස් ක්‍රීඩකයින් දෙපළ බවට පත්ව ඇති මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ චෙන්නායි පිලේ ප්‍රධාන තුරුම්පු බවට පත්ව තිබීමද විශේෂත්වයකි.

එමෙන්ම නව කණ්ඩායමක් ලෙස ඉකුත් වසරේදි IPL තරගාවලියට එක්වූ ගුජරාට් කණ්ඩායම සිය පළමු නියෝජනයේදීම ඉකුත් වසරේදී ශූරතාව දිනා ගත්තේ ප්‍රබල IPL කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ල කරමින්ය.

ඒ අනුව අඛණ්ඩව දෙවන වරටත් අයි පී එල් ශූරතාව දිනා ගැනීමේ අරමුණින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද පිටියට පිවිසීමට නියමිතය.

මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.