බුදුපිළිමයට හානි කරලා

ඉමදුව අඟුලුගහ ගල්බෝක්කුව අසල ඉදි කර ඇති බුදු මැදුරේ වීදුරුව කඩාඑහි තැන්පත් කර තිබු බුදුපිලිමය කිසියම් පුද්ගලයකු  පෙරළා දමා ඇති බව ඉමදුව පොලිසිය පවසයි.

මෙයින් බුදු පිළිමයට හානි සිදුවී නොමැති බවද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

බුදු පිළිමය මල් ආසනය මත මුනින් අතට වැටී තිබෙන බවද පොලිසිය කියයි.

ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු මෙය දැක ඉමදුව පොලිසියට පැමිණිලි කර තිබේ.

බුදු මැදුරේ වීදුරුව කඩා බුදු පිළිමය පෙරළා දැමූඅය ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.

Leave a Reply

Your email address will not be published.