ජනපතිගේ වැඩපිළිවෙලට චීනයේ පූර්ණ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට චීන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඊයේ ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුව තිබුණි.

එහිදී චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ප්‍රයත්නයට තම රජය සහාය පළ කරන බවය.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ චීනය ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතාට සිය කෘතඥතාවය පළකර තිබේ.

Leave a Reply

Your email address will not be published.