කෘෂිකර්මය නංවන්න බිල් ගේට්ස් අත දෙයි

ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් මහතාගේ බිල්ගේට්ස් පදනම ඉදිරිපත් වී සිටී.

කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වාදෙමින් බිල්ගේට්ස් පදනම මෙරට කෘෂිකර්මය නැංවීමට ඉදිරිපත්ව සිටින අතර ඒ සඳහා වන මූලික සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.

මෙරට කෘෂිකර්මාන්තය කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක්  මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර කෘෂි ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම  සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි  මූලික අරමුණයි.

බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමෙි නිලධාරීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ මුණ ගැසුණු අවස්ථාවේ මෙම ව්‍යාපෘතියට එකඟතාවය පළ කර තිබෙි. 

නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දත්වාත්, ලබාගන්නා ඵලාදව සංරක්ෂණය කිරීම උදෙසාත් අවශ්‍ය මඟ⁣ පෙන්වීම ලබා දෙන බව ජනාධිපති කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවේ දී සඳහන් වී ඇත.

මීට අමතරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ඩිජිටල්කරණය කිරීමට ද බිල් ගේට්ස් පදනම ඉදිරිපත්ව සිටියි. ඊට අමතරව රටෙි මූල්‍ය පද්ධතිය මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධ අංශය ද මෙම මෘදුකාංගය ඔස්සේ ඩිජිටල්කරණයට ලක් කරනු ඇත.

එසේම රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට ද මෙමගින් සහාය හිමිවනු ඇතැයි මූලික සාකච්ඡාවේ දී අනාවරණය විය. මෙම කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ අධීක්ෂණය යටත් සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published.