කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසල දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, උදෑසන 8.00 පමණ එම විද්‍යාල අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි තැබීම සිදුව ඇති බවය.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදුකර තිබේ.
මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවේය.


