සිව් හැවිරිදි දැරියක් අභිරහස් ලෙස මරුට

සීදූව රද්දොළුගම සාම මාවත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබී වයස අවුරුදු 04ක දැරියකගේ මළසිරුරක් හමුවී තිබේ.

එම ස්ථානයේදීම ගෙල වැලලාගෙන මියගොස් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරක් ද හමුවී තිබුණි.

ඊයේ (26) පස්වරුවේ මෙලෙස මළසිරුරු හමුවී තිබේ.

ගෙල වැලලාගත් පුද්ගලයා මියගිය දැරියගේ පියාගේ සොහොයුරෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, දැරිය මියගිය ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published.