නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ වැඩ අරඹයි

මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද වැඩ භාරගෙන තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා විසින් එයාර් මාර්ෂල් නිලයට අද උසස් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා ලෙස මෙලෙස වැඩ භාරගෙන ඇත.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අරඔා පසුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය අවසන් කර ද්විතීයික අධ්‍යාපනය කොළඔ ආනන්ද විද්‍යාලයෙන් සම්පූර්ණ කර තිබේ.

1988 වසරේ දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අංක 06 බඳවාගැනී‍මේ කණ්ඩායමට ඇතුළත් වූ ඒ මහතා 1990 වසරේ ඔක්තෝබර් 5 වැනිදා උපාධිය ලබා ගනිමින් ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස එක්වී ඇත.

ඔහු තම සේවා කාලයේදී අති දක්ෂ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කර ඇති අතර ප්‍රහාරක ගුවන් නියමුවෙකු ලෙසත් ප්‍රවාහන ගුවන් යානා නියමුවෙකු ලෙසත් කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published.