බඹර ප්‍රහාරයකින් සරසවි සිසුන් පිරිසක් රෝහලේ

හන්තාන කන්ද තරණය කිරීම පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ (01) දහවල් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

බඹර ප්‍රහාරය හේතුවෙන් සිසුවියන් 15ක් හා සිසුන් 27 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව 1990 ගිලන් රථ ඔස්සේ මහනුවර රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

මීපේ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 276ක් සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 64 දෙනෙකු හන්තාන තරණය කිරීමට මෙසේ පැමිණ ඇති අතර අනෙක් සිසු සිසුවියන් පැමිණි බස් රථවලින් පිටත් කර හැර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.