කම්කරු අමාත්‍යංශයෙන් වෘත්තීය සමිති නායකයින් ගැන විශේෂ ප්‍රකාශයක්

ලබාදී තිබූ කාලසීමාව තුළ කිසිදු වෘත්තීය සමිති නායකයෙකු හෝ නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති බව කම්කරු අමාත්‍යංශය පවසයි.

කළ විමසීමක දී අමාත්‍යංශ ලේකම් ආර්.පී.ඒ.විමලවීර මහතා පැවසුවේ 2,000ක් පමණ වන එම නියෝජිතයින් කිසිවෙකු හෝ මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවය.

වත්කම් බැරකම් පනතට අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයින් ඇතුළු නිලධාරීන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ, කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බව සඳහන්ය.

ඒ සම්බන්ධයෙන් තමා විසින් අදාළ පාර්ශව වෙත දැනුම් දී දුන්න ද මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව  අමාත්‍යංශ ලේකම් ආර්.පී.ඒ.විමලවීර මහතා කියා සිටියේය.

කෙසේවෙතත් අදාළ පනතට අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් තමාට නොමැති බව ද අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.