ප්‍රපාතයට ගිය කාර් රථයක් කුමාරඇල්ල පාලම අසළින් සොයා ගැනේ

පොලොන්නරුව, බකමූණ පොලිස් වසමට අයත් දඹුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ ‘කුමාරඇල්ල’ ප්‍රදේශයේ දී අඹන් ගඟ හරහා ඇති කුමාරඇල්ල පාලම අසළ රිය අනතුරක් සිදුව ඇති බව බකමූණ පොලීසිය පවසයි.

අද (01) අලුයම මහියංගනය සිට දඹුල්ල දෙසට ගමන් කරමින් තිබූ කාර් රථයක් කුමාරඇල්ල පාලම අසළදී මාර්ගයෙන් ඉවතට පැන අඹන් ගඟ දෙසට අඩි 40ක් පමණ දුරට ඇදී ගොස් අඩි 20ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇත.

මේ බව ප්‍රදේශවාසියෙක් බකමූණ පොලීසියට අද උදෑසන 6ට පමණ දුරකථන ඇමතුමක් ලබා දී දැනුම්වත් කර තිබුණද කාර් රථයේ ගමන් කළ කිසිවෙක් මේ සම්බන්ධයෙන් බකමූණ පොලීසිය දැනුවත් කර නොමැති බවත් බකමූණ පොලීසිය පවසයි. 

මේ වනතෙක් රථයේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි වී ඇත.

මේ අතර, අදාළ රථයේ රියදුරු බීමත්ව පැමිණ මෙලෙස අනතුරට ලක්ව රථය දමා පලා ගොස් ඇතිද යන්න පොලීසිය සැකපළ කරනු ලබන අතර මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරන බවයි.

තවද, බකමූණ රෝහල් ආරන්චිමාර්ගවලට අනුව අද (01) කිසිඳු පුද්ගලයෙකු රිය අනතුරකට ලක්ව ප්‍රතිකාර ගැනීමට හෝ රෝහලට නොපැමිණි බව ද සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.