දුම්රියක් පීලිපනී

වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේ, දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම පීලිපැනීමට ලක්ව ඇති බවය.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවන කටයුතු කොටගල දක්වා සීමාකර තිබේ.

මඟීන්ගේ පහසුව සඳහා බස් රථ යොදවා ඇති බව එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේය.

මේ අතර කුඹුරුගමුව සහ වැලිගම අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් ප්‍රමාද වී තිබේ.

Leave a Reply

Your email address will not be published.