මන්නාරම් වෙරළට විශාල ටග් බෝට්ටුවක් ගසාගෙන එයි

ඉන්දියාවට අයත් යැයි සැලකෙන විශාල ටග් බෝට්ටුවක් ඊයේ (07) මන්නාරම නඩුකුඩා වෙරළ තීරයට ගොඩ ගසා තිබූ බව තලෛමන්නාරම් පොලිසිය වාර්තා කරයි.

පොලිසිය පවසන්නේ, වෙරළ සීමාවට ගොඩගසා තිබු එය නාවික හමුදා යාත්‍රාවක් මඟින් ඇදගෙන වෙරළට රැගෙන ආ බව ය.

නැව්වලට භාණ්ඩ පැටවීමට හා ජලය වැනි දේ රැගෙන යාමට මෙම ටග් බෝට්ටු භාවිත කරන බව නාවික නිලධාරින් සඳහන් කරයි.

ඉන්දීය සාගර කලාපයේ පැවති අධික සුළං තත්ත්වය මත අදාළ යාත්‍රාව එලෙස මෙරට වෙරළ ගොඩගසන්නට ඇති බව තලෙයිමන්නාරම ප්‍රදේශවාසීන් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසිය හා තලෙයිමන්නාරම නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇත.

Leave a Reply

Your email address will not be published.