දියේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ගල්ගමුව, රඹොට්ටුකුලම වැවේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (12) සවස එම සිසුවා වැවේ දිය නාමින් සිටින අතරතුර එම අනතුර සිදුවී තිබුණි.

15 හැවිරිදි එම සිසුවා රඹොට්ටුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published.