මොනරාගල, කුඹුක්කන වෙල්ලච්චි කඩේ ප්රදේශයේ නිවසක තිබී කපා කොටා ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (17) උදෑසන මොනරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්සොයාගෙන තිබේ.
පවුල් ආරවුලක් මත ස්වාමියා විසින් සිය බිරිඳව මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්රදේශයේ ම පදිංචි වයස අවුරුදු හතලිස් පහක් වන තිදරු මවක් වන අතර ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමියා මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සහ ස්ථානීය මහෙස්ත්රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.