අජිත් රෝහණගේ පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කර හැරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 3 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (17) ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published.