ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අධීක්ෂණයට 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුව, ‘ 2025–2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ යටතේ පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති කාර්යයන් ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීමට සහ ඒ සඳහා නායකත්වය ලබාදීමට, කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් 13 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නම් කර ඇත.

මෙම තීරණය ගනු ලැබුවේ 2026 සැප්තැම්බර් 25 වන දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

මේ සඳහා නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස,

– හර්ෂණ නානායක්කාර
– සුනිල් වටගල
– කෞශල්‍යා ආරියරත්න
– ජේ. සී. අලවතුගල
– අනුරාධ ජයරත්න
– ශානක්‍යන් රාසමාණික්කම්
– ඕෂනි උමංගා
– ප්‍රගීත් මධුරංග
– චන්දිමා හෙට්ටිආරච්චි
– ධර්මප්‍රිය විජේසිංහ
– දේවානන්ද සුරවීර
– එම්. නිසාම් කාරියප්පර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *