ජනපතිගේ ඉන්දීය සංචාරය ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන සිකුරාදා (21) ඉන්දියාවට පැමිණෙන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

මෙය ජනාධිපති වික්‍රමසිංහ මහතා එම පදවියට පත්වීමෙන් පසු එරට නිල සංචාරයක යෙදෙන්නේ පළමු වරටය.

එම සංචාරයේදී ඔහු ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්ම, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ අනෙකුත් ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එම නිවේදනයේ දැක්වේ.

මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ඉවහල් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published.