මහ කන්නයේදී බණ්ඩි පොහොර නොමිලේ

ලබන මහ කන්නයේදී සියලුම ගොවීන්ට බණ්ඩි පොහොර (MOP) අවශ්‍ය මුළු නිර්දේශිත ප්‍රමාණයම නොමිලේ ලබාදීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව පැවසීය.

මීට අමතරව තවත් එක පොහොර වර්ගයක මිල අඩු කිරීමටත්, පොහොර සැපයීමෙන් රජය ඉවත්වී ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගොවි ගිණුම්වලටම බැර කරන බවද අමාත්‍යවරයා පවසයි.

දැනට රට තුළ සිටින වී වගා කරන ගොවීන් ප්‍රමාණය මිලියන 1.2කි.

Leave a Reply

Your email address will not be published.