බලෙන් මහ බැංකු ගිය 10ට ඇප

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුලුවීමට උත්සාහ ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 10දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.

එම සැකකරුවන් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැර ඇත.

එහිදී අධිකරණය අදාළ ඇප නියෝගය ලබාදෙමින් සැකකරුවන්ට රාජ්‍ය ආයතනය වෙත අයුතු ලෙස ඇතුලුවීම ද තහනම් කර ඇත.

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (08) පෙරවරුවේ මෙලෙස බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුලු වීමෙන් පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published.