නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

උද්ඝෝෂකයින් පවසා සිටියේ 2014 නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් පසු නිසිලෙස වැටුප් ගෙවීමක් සිදු වී නොමැති අතර අමතර දීමනා ගෙවීමක් ද සිදුකර නොමැති බවය.

විවිධ අවස්ථාවලදී වැටුපෙන් කොටසක් ගෙවා ඇති බව ද සඳහන් කර සිටින උද්ඝෝෂකයින් එයට නිසි විසඳුමක් බලාපොරොත්තුව සිටින බව ද පැවසීය.

කෙසේවෙතත් උද්ඝෝෂකයින් පස්දෙනෙක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published.