වගා වන්දි ලැබෙන්නේ බෝග 6කට

පවතින නියං තත්ත්වයත් සමග දිවයින පුරා වගා බිම් අක්කර 58,766කට හානි සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෙසේවෙතත් හානිවූ වගාවන් සඳහා වන්දි ගෙවිය හැකි වන්නේ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (29) ප්‍රකාශ කළේය.

අනෙකුත් වගා හානි සඳහා යම් සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published.