නැගෙනහිර පර්‍යන්තයට නුසුදුසු දොඹකර 06ක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය සඳහා සුදුසු නොවන දොඹකර මෙරටට ගෙන ඒමෙන් රජයට විශාල පාඩුවක් සිදුකර ඇති බව ඊයේ (05) කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

දොඹකර 06ක් ගෙන්වීම හරහා මෙම ගැටලුව ඇති වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් මහතා පවසයි.

කෙසේ වෙතත් සිදු ව ඇති පාඩුව මෙතෙක් ගණනය කර නොමැති බව වරාය අධිකාරියේ නිලධාරීන් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.