රත්මලානේ වෙඩි තැබීමක්

රත්මලාන දුම්රියපොළ ආසන්නයේ දි වෙඩි තැබීමක් සිදු වී තිබේ.

වෙඩි වැදීමෙන් 46 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වාර්තා කරයි.

මේ අතර අම්බලන්තොට, මදයමලලන්ද ප්‍රදේශයේ දී කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 07 වැනිදා බස් රථයකින් ගමන් කළ කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් විමර්ශනයක් සිදුකර තිබිණි..

එහි දී ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (09) දහවල් කාලයේ දී  හම්බන්තොට වරාය පොලිස් වසමේ තැලවිල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 31 යන වයස්වල පසුවන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.

සැකකරුවන් අද (10) හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.

Leave a Reply

Your email address will not be published.