පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් වසර ගණනාවක් පුරා රජයට අයත් අක්කර 214ක භූමියක් අනවසරයෙන් භුක්ති විඳ ඇතැයි අනාවරණය වී තිබේ.
මේ බව හෙළිදරව් වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දීය.
එම ඉඩම පෞද්ගලික සමාගමක් නමිත් ලුණු නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇතැයි ද එහිදී අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් වසර 14ක පමණ සිට මෙම ඉඩමෙන් රජයට බදු නොගෙවීම හේතුවෙන් රුපියල් කෝටි 20ක ආසන්න මුදලක් පාඩුවක් සිදුව ඇතැයි ද පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී හෙළිවී ඇත.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙස නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දැනුම්දෙන බව පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා පැවසීය.