වත්තල මුහුදේ නාඳුනන මළ සිරුරක්

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

ඊයේ (18) දහවල් එම මුහුදු තීරයට  මළ සිරුර ගොඩගසා ඇති බවට වත්තල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මියගොස් ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර උස අඩි 05 අඟල් 05ක් වන තලෙළු සාමාන්‍ය සිරුරකින් යුත් කහ පැහැති අත්කොට කමිසයකින් සහ අළු පැහැති දිග කලිසමකින් සැරසුණු, හිසකෙස් සුදු පැහැ වී ඇති පිරිමි පුද්ගලයෙක් බව පොලීසිය ප්‍රකාශ කරයි.

මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

Leave a Reply

Your email address will not be published.