ගංවතුර ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරයි

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා ද නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇත.

මේ හේතුවෙන් ජනතාවට දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසද දැනුම්දෙයි.

මේ අතර රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලන හංගමු ගඟ පිටාර ගැලීමෙන් බස්රථ ධාවනය වන ප්‍රධාන මාර්ග දෙකක්, අතුරු මාර්ග, නිවාස සහ පතල් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත

ඇලපාත, කරන්ගොඩ, ගිනිහිරිය, දිමියාව, දම්ඹුලුවන, කහවත්ත හරහා ගලතුර ප්‍රධාන මාර්ගය
කරංගොඩ ප්‍රදේශයෙන් කිලෝමීටර්යක් පමණ ජලයෙන් යටවීම නිසා බස් ධාවනය ඇතුළු සියලුම රථවාහන ගමනාගමනය ඇණහිට තිබේ. 

Leave a Reply

Your email address will not be published.