කාන්තාව මරා හිස අතුරුදන් කළ සිද්ධියේ සැකකරු භාරවෙයි

මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කර හිස හා අත් පා නොමැති සිරුර සියඹලාපේ ප්‍රදේශයේ දමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය වෙත භාරවී තිබේ.

ව්‍යාපාරිකයෙකු වන එම සැකකරු සිය නීතිඥයින් සමග සපුගස්කන්ද පොලීසිය වෙත පැමිණ මෙලෙස භාරවී ඇත.

මෙහිදී ඝාතනයේ ප්‍රධාන සැකකරු සඳහා සහාය වූ බවට පැවසෙන අයෙකුද පොලීසිය වෙත භාරවී ඇත.

සිද්ධියේ ප්‍රධාන සැකකරු සියඔලාපෙ දකුණ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන අයෙකි.

කපුමහතෙකු වන සිද්ධියේ දෙවන සැකකරු 48 හැවිරිදි වියේ පසුවන අතර ඔහුද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ ඝාතනය කරන ලද කාන්තාවගේ සිරුරේ කොටස් කපාදැමීම සඳහා එම සැකකරු ප්‍රධාන සැකකරු වෙත සහාය වී ඇති බවටය.

මේ අතර සැකකරුවන් පොලීසිය වෙත භාරවන අවස්ථාවේ කාන්තා මළ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් රථයද පොලීසිය වෙත රැගෙනවිත් ඇත.

මේ වනවිට සැකකරුවන්ගෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published.