යුද්ධ හමුදා කඳවුරු ඉවත්කිරීමට විරුද්ධව උතුරේ දමිළ ජනතාව විරෝධතාවයක

කිළිනොච්චිය ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උතුරු ප්‍රදේශයෙන් යුද්ධ හමුදා කඳවුරු ඉවත් කිරීමට විරුද්ධව 55 වන පාබල සේනාංක මුලස්ථානය ඉදිරිපිටදී අද 05 වන දින විරෝධතාවයක් සිදුකර ඇත.

මෙහිදී විරෝධතාකරුවන් විසින් යුද්ධ හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස ඉල්ලීම් කරමින් විරෝධතාවය සිදුකර ඇති අතර, ඒ සඳහා යුද්ධ හමුදාව හා පොදු ජනතාව අතර ඇති බැඳීම පිළිබිඹු වන ආකාරයේ පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතාවක් සිදු කර ඇත.

තවද මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාව මගින් මේ වන විට සිදු කර ඇති සේවය හා කඳවුරු ඉවත් කිරීමෙන් ජන ජීවිතයට සිදු වන බලපෑම පෙන්වා දෙමින් උතුරු ප්‍රදේශයෙන් යුද්ධ හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස ඉල්ලා ආණ්ඩුකාර තුමා වෙතින් රජය වෙත ඉල්ලුම් කිරීමට සකස් කරන ලද ලිපියක් කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත හා 55 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමන් හට භාර දී ඇති බවට වාර්තාවේ .

Leave a Reply

Your email address will not be published.