උපාධිධාරීන් 50,000කට අධික පිරිසක් රැකියා විරහිතයිලු

උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා 2020 වසරේ ජනවාරි මාසයේ සිට උපාධිය ලබාගත් 50,000 අධික පිරිසක් රැකියා විරහිතව සිටින බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරයි.

රාජ්‍ය සේවයෙහි විශාල පුරප්පාඩු ප්‍රමාණයක් ඇතිවී තිබෙන බවත්, මේ නිසා රාජ්‍ය සේවා කටයුතුවලට දැඩි ලෙස බාධා සිදුවෙමින් තිබෙන බවත්,

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ගෙන සුදුසුකම් සලකා බලා උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවත් එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

අවසන් වරට උපාධිධාරීන් විශාල පිරිසක් බඳවා ගනු ලැබුවේ 2020 වසරේදී බවත්, එම අවස්ථාවේදී රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදුකරනු ලැබුවේ 2019 දෙසැම්බර් 31 වන දින වන විට උපාධිය සම්පූර්ණ කළ පිරිස් පමණක් බවත් හෙතෙම කියා සිටියේය.

වෛද්‍ය ඉංජිනෙරු වැනි සේවා කිහිපයක පමණක් උපාධිය සම්පූර්ණ කාලයේදීම බදවා ගැනිම් සිදුකළත් අනෙකුත් විෂයන් යටතේ උපාධිය සම්පූර්ණ කරන පිරිස් රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා වාර්ෂිකව හෝ වසර දෙකකට වරක් හෝ බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් නොමැති බවත්, පසුගිය කාලයේදී පවා බඳවා ගැනීම් සිදුකරනු ලැබුවේ සංවර්ධන සේවාවට පමණක් බවත් ලේකම්වරයා සඳහන් කළේය.

-ඉන්දික හේවාවිතාරණ

Leave a Reply

Your email address will not be published.