උතුරේ හර්තාල්

උතුරු පලාතේ හර්තාලයට උතුරේ වෙළඳසංගමය විසින් සහය දැක්වීම හේතුවෙන් අද (20) වෙළඳසැල් සියල්ලක් වසා දැමීමට පියවර ගෙන  තිබේ.

නමුත්‍ රාජ්‍ය අංශ හා පාසල් කටයුතු මෙන්ම ගමනාගමන කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවෙයි.

මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතාට ජීවිත තර්ජන ඇතැයි පවසා මහෙස්ත්‍රාත් ධූරයෙන් ඉල්ලා අස්වී විදෙස්ගතවීම සම්භන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකොට වරදකරුවන්ට නීතිය      කරන ලෙස ඉල්ලා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් මෙම හර්තාලය සංවිධානය කොට තිබුණි.

එමෙන්ම අධිකරණ කටයුතු වලදීද මහෙස්ත්‍රාත්වරුන් සේවයට වාර්ථාකොට තිබූ අතර නීතික්ඥවරුන් පමණක් සේවයෙන් ඉවත්ව තිබුණි.

කෙසේ වෙතත් අද දින සංවිධානය කර තිබූ හර්තාලය වෙනුවෙන් වෙළඳ සංගමයන් හා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමය පමණක් සෘජුව සහය දී තිබුණි.

Leave a Reply

Your email address will not be published.