ඖෂධ සඳහා ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 5.6ක් වෙන් කෙරෙයි

ඖෂධ සැපයීම වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම සඳහා රුපියල් බිලියන 5.6ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඉදිරි මාස 02 සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසදුම් ලබා ගැනීමේ අරමුණින් නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ අද (27) පැවති විශේෂ සමුළුවට සහභාගි වෙමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.