කොරියානු රැකියා සිහිනය පෙන්වා මුදල් ගැරූ හිටපු සභාපති

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසාද් රණසිංහ වීරක්කොඩි මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පැවසුවේ හිටපු සභාපතිවරයා අද සවස (30) අත්අඩංගුවට ගත් බවය.

සැකකාර හිටපු සභාපතිවරයා විසින් කොරියාවේ රැකියා ලබාදෙන පවසා රුපියල් තිස් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් වංචාකර ඇති බව පොලීසිය පවසයි.

අලුත්ගම, කළුවාමෝදර  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කොරියාවේ රැකියාවකට යවන බව සහ විවිධ හේතු දන්වා අවස්ථා දෙකකදී මුදල් ලබාගෙන ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.

පැමිණිල්ල අනුව පොලිස් කණ්ඩායම ඊයේ (29) බලපිටිය නගරයේදී සැකකාර සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද දිනයේ කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.