වෙඩි තැබීමකට අනුබල දුන් අයෙක් මාට්ටු

කඳාන ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි වෙඩිකරුට ආධාර අනුබල දෙමින් අවි ආයුධ ප්‍රවාහනය කළේ යැයි කියන පුද්ගලයකු දොම්පේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත ටී 56 ගිනි අවිවලට යොදන උන්ඩ 56ක් සහ තවත් ගිනි අවිය කොට යොදන උණ්ඩ යක් භාජනයකට බහ  සැකකරුගේ ගෙවත්තේ පිහිටි ළිද තුළ සඟවා තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් මත සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු දොම්පේ  කිඹුල්විලවත්ත ප්‍රදේශයේ පදිංචි43 හැවිරිදි අයෙකි.

Leave a Reply

Your email address will not be published.