ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි.

එම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය. 

මෙම වසරේ සිදුකරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිතා කිරීම බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published.