සිය පෙම්වතියව ලැගුම්හලකට රැගෙන ගොස්, එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් ඇයව කාමරයක රඳවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ ලැගුම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟලවත්ත ඕමත්ත පාරේ, ලැගුම්හලක කළමනාකරුවෙකු බව පොලීසිය පවසයි.
එමෙන්ම අදාළ සිද්ධියට සම්බන්ධ පෙම්වතා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් අඟලවත්ත පොලීසිය පවසයි.
කාන්තාවක් ලැගුම්හලක රඳවාගෙන පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට 119 දුරකථන අංකය ඔස්සේ ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.